Tuesday, July 2, 2013

ඔබේ හැගීම් හදුනා ගන්නා Smartphone යක් Microsoft වෙතින් නුදුරු දිනෙක.

Microsoft-mood-ring

සමාජ වෙබ් අඩවි වලට ඔබේ හැගීම් ස්වයන්ක්‍රියව හදුනාගෙන ඒවා status ලෙස යාවත්කාලින කල හැකි ස්මාර්ට් ෆෝනයක් මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් වැඩිදියුණු කරමින් පවතිනවා.
ආසියානු මයික්‍රොසොෆ්ට් පර්යේෂණ ආයතනය මගින් පල කල පර්යේෂණ පත්‍රිකාවක "mood sensor" ය නැතිනම් හැගීම් සංවේදකය පිළිබද සිදුකල පර්යේෂණ සහ සොයාගැනීම් ඇතුලත් කර තිබෙනවා. (http://www.ruf.rice.edu/~mobile/publications/likamwa2013mobisys2.pdf)
ආලෝකය, ත්වරණය හදුනා ගන්නා සංවේදක මෙන් මෙම හැගීම් සංවේදකය හදුනා ගන්නේ පුද්ගලයන්ගේ හැගීමය.මෙම සංවේදකය මගින් ලබා ගන්න දත්ත මගින් ජංගම දුරකථනය සමාජ වෙබ් අඩවි වලට එම පුද්ගලයාගේ හැගීම් "status update" ලෙස පල කරනු ලබනවා. සතුට, කලකිරීම, සන්සුන් බව, ආතතිය, විශ්මය සහ කම්මැලිකම වැනි හැගීම් හදුනාගත හැකිය.


පුද්ගලයෙකු කතා කිරීමට පෙරම ඔහුගේ ස්වබාවය හදුනා ගැනීමට මෙය උපකාරී වන බව මයික්‍රොසොෆ්ට් ආයතනයේ අදහසයි.මෙමගින් ඔබේ යහළුවන් පිලිබදව හෝ ඔබ මුණ ගැසීමට බලාපොරොත්තු වන පුද්ගලයා  පිළිබද පෙර අදහසක් ලබා ගැනීමට හැකි විම විශාල වාසියක් වනවා.


මෙම වාර්තාවට අනුව දැනට දියුණු කර ඇති  පද්ධතිය පුද්ගලයන් 32 නෙකු යොදාගෙන පරික්ෂා කර ඇති අතර නිරවද්‍යතාව 66% වූ අතර මාස 2ක් තුල එය 95% දක්වා වැඩි කර ගැනීමට හැකි වී තිබේ.


මේ අතර පුද්ගලයන්ගේ හැගීම් හදුනාගෙන ඒ අනුව වීඩියෝ සහ ඕඩියෝ (සින්දු) ලබා දිය හැකි අයුරින් සෙවුම් යන්ත්‍ර වෙනස් කිරීමට මෙම සංවේදකයේ දත්ත බවිත කිරීමට හැකි බැවින් සෙවුම් යන්ත්‍ර වල ගුණාත්මක බවත් වැඩි දියුණු කල හැකි බව මයික්‍රොසොෆ්ට් ආයතනයේ අදහසයි.

No comments:

Post a Comment