Thursday, July 4, 2013

BMW i3 මෝටර් රථය ජුලි 29 සිට නිෂ්පාදනය ඇරබේ


BMW ආයතනයේ මුල්ම මහා පරිමාණයේ සම්පුර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය මේ මස අවසානයේ සිට නිෂ්පාදනය ආරම්භවන වන බවට දන්වා තිබේ.නාගරික ප්‍රදේශවලට ගැලපෙන ලෙස සම්පුර්ණයෙන් විදුලි බලය මත ධාවනය වන මෙම මෝටර් රථයේ zero emission වායු දුෂක විමෝචනය 0 වේ.

මෝටර් රථය ධාවනය වන ප්‍රදේශ වල මාර්ග තදබදය, බැටරි ආරෝපණ ප්‍රමාණය සහ රියදුරාගේ ධාවන විලාසය මත පදනම්ව මෝටර් රථයේ ධාවන පරාසය රියදුරුට දැනුම් දීම මෙහි ඇති අපුර්ව පහසුකමකි.



eDrive තාක්ෂණය ලෙස හදුන්ව දී ඇති සංකල්පයට අනුව 160Km දුරක් එක වරක් බැටරි ආරෝපණය කිරීමෙන් ගමන් කල හැකි අතර සම්පුර්ණ ශබ්දයකින් තොර ධාවනය වීමක් අත්දැකීමට හැකිය. එලෙසම බැටරියේ 80% නැවත ආරෝපණය වීමට ගත වන කාලය විනාඩි 30ක් පමණ වේ.



මෙහි විදුලි මෝටරය 125KW ක්ෂමතවයකින් පසු පස රෝද වලට බලය සපයනු ලබයි. ලිතියම් අයන් (Li-Io) බැටරියක් මගින් මගින් විදුලි බලය සපයනු ලබන අතර මෝටර් රථයේ බදට යටින් මෙය සවි කර තිබේ. රියදුරාට COMFORT, ECO PRO සහ ECO PRO+ යන අකර තුනකට ධාවන රටාව තොර ගත හැකි අතර මේ අනුව ධාවන වේගය සහ දුර තීරණය වේ.

BMW i3 Concept Coupe: BORN ELECTRIC. NATURALLY INTELLIGENT.


රියදුරාට ස්මාර්ට් ෆෝනයක් භාවිතයෙන් වාහනයේ ගමන් මාර්ගය සහ අනෙකුත් සියලු දත්ත ලබා ගත හැකි විම තවත් පහසුකමකි.

BMW i3 Concept Coupe

මෝටර් රථයේ ඇතුලත නිමවීම  සම්පුර්ණයෙන් පරිසර හිතකාමී ද්‍රව්‍ය මත රධ පවතින අතර ලී සහ ශාක වලින් නිස්සරණය කරගන්නා රසායනිකයන් මත ප්ලාස්ටික් සහ ලෙදර් වර්ණ ගැන්වීම සහ සවි කිරීම සිදු කර තිබේ.



මෝටර් රථයේ පහසුවෙන් 4 දෙනෙකුට ගමන් කල හැකි අතර පසුපස අසන හැකිලීමට හැකි බැවින් තවත් අමතර ඉඩ ලබා ගනිමටද හැකියාව තිබේ.








( චායාරුප සහ විස්තර    http://www.bmw-i.com/en_ww/bmw-i3/  ඇසුරෙන් )

1 comment:

  1. මිල ගණන් කොහොම වෙයිද දන්නේ නැද්ද?

    ReplyDelete