Friday, June 21, 2013

Fully electric මෝටර් රථ වලට ඉක්මන් බැටරි හුවමාරුවක් සමග දුර ගමන් යාමට පහසුකම්




Tesla Motors Inc demonstrates its new battery swapping program in Hawthorne, California June 20, 2013.

මෙම නවතම සේවාවත් සමග සම්පුර්ණයෙන් විදුලි බලයෙන් ක්‍රියා කරන මෝටර් රථ වලට වැඩි දුරක් යාමේ පහසුකමත් නැවත මෝටර් රථය චාර්ජ් වන තෙක් බලා නොසිටිමටත් හැකියාව ලැබෙනු ඇත.

ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදන සමාගමේ අදහසක් ලෙස ක්‍රියාත්මක වන මෙම පහසුකම යටතේ සාමාන්‍ය මෝටර් රථයක් ඉන්ධන පිරවීමට යන කාලයට වැඩ අඩු කාලයකින් බස ගිය බැටරි වෙනුවට අලුත් බැටරි ස්ථාපනය කල හැකි අතර රොබෝවරයෙකු ආධාරයෙන් මෙම සවි කිරීම සිදු කරනු ලබයි. 

කැලිෆෝනියාවේ Hawthron නගරයේ පිහිටි tesla මෝටර් රථ සැලසුම් මධ්‍යස්ථානයකදී මෙහි පළමු හුවමරුකිරීමේ ක්‍රමය ප්‍රදර්ශනය කරන ලදී. එලෙසම මෙම හුවමාරු කිරීමේ වියදම සාමාන්‍ය  මෝටර් රථයක් නැවත ඉන්ධන පිරවීමට යන මුදලටම කර දීමට සමගම අදහස් කර ඇත.

සමාගමේ බලාපොරොත්තුව වන්නේ මෝටර් රථ මිලදී නොගැනීමට හේතු වන හිරිහැරදායක නැවත බැටරි ආරෝපණය කිරීමේ ක්‍රියාවලිය නැවත්වීම මගින් මෝටර් රථ අලෙවිය වර්ධනය කර ගැනීමයි.

Windows 8 සහ Android මෙහෙයුම් පද්ධති 2කම වැඩකරන Active Q ටැබ්ලට් පරිගණකය සැම්සුන්ග් ආයතනයෙන්

The Ativ Q tablet. Image by Samsung.

13.3" තිරයකින් සහ ඇකිලිය හැකි යතුරු ලියනයකින් සමන්විත මෙම ටැබ්ලට් පරිගණකයට ස්පර්ශක කුරක්ද තිබේ.



Asus සමාගමේ මෙහෙයුම් පද්ධති 2කින් සමන්විත (windows සහ Google) ලැප්ටෝප් පරිගණකය එලිදක්වා සති 2කට පසු මෙය එළිදැක්වීම තවත් සුවිශේෂී සිදුවීමකි. බොහෝ දෙන බලාපොරොත්තු වන්නේ මෙම මෙහෙයුම් පද්ධති 2ක සංකල්පය අනෙක් සමාගම්ද ආදර්ශයට ගනී කියාය.
මෙහි වැදගත්කම වන්නේ ඉතා අඩු වියදමකින් මෙහෙයුම් පද්ධති දෙකක පහසුකම් පාරිභෝගිකයාට ලබා දිමට හැකි වීමයි. මෙහි ප්‍රොසෙසරය Intel හි නවතම Haswell chip එක වන අතර පැය 9ක බැටරි ආයු කාලයක් සහ හිරු එලිය දැඩි ස්ථාන වල පවා වැඩකළ හැකි තිරකින් සමන්විත වෙනවා. 
Ativ Q

Thursday, June 20, 2013

වසර 20කට පසු යුරෝපා සංගමයේ වාහන අලෙවියේ විශාල අඩුවීමක්



Peugeot වාහන එකලස් කිරීමෙන් පසු Mulhouse, France

වාහන ඉල්ලුමේ විහාල අඩුවීමක් නිසා යුරෝපයේ මෝටර් රථ කර්මාන්තය විශාල පසුබසිමකට ලක්ව තිබෙනවා. මෙතෙක් කලක් එයට සාර්ථකව මුහුණ දුන් ජර්මනිය පවා දැන් දැන් පසුබෑමකට ලක්ව තිබෙනවා. 
යුරෝපා සංගමයේ රටවල් 27ක් අතුරින් එක්සත් රාජධානිය පමණක් සුළු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
යුරෝපා මෝටර් රථ නිපදවන්නන්ගේ සංගමයේ වාර්තාවකට අනුව මෝටර් රථ අලෙවියේ බැස්ම 5.9% ක් වන අතර මොල්ටාවේ එය 6.8% කි,ජර්මනියේ එය 9.9%, Spain 2.6%, ඉතාලියේ 8%, ප්‍රංශයේ 10.4%.

 ජර්මනිය යුරෝපයේ ප්‍රමුකතම වාහන නිපදවන්නෙක් වන අතර වාර්තාගත වාහන අපනයනය කිරීමක් යුරෝපා සංගමයේ රටවල් අතර ලබා ගෙන තිබෙනවා. නමුත් ප්‍රංශයේ ප්‍රමුකතම වාහන නිපදවන්න වන Peugeot සමාගමේ අලෙවිය 13.2% කින්ද , Renault සමාගමේ අලෙවිය 10% කින්ද අඩුවී තිබෙනවා.


Wednesday, June 19, 2013

ත්‍රිමාණ රූ මිනිස් සිරුරු වෙද්‍ය සිසුන්ගේ අධ්‍යන කටයුතු පහසු කරයි

Kidney hologram
ලන්ඩනයේ වෙද්‍ය වරු දෙදෙනෙක් විසින් හදුන්වාදෙනු ලැබ ඇති (hologram) ත්‍රිමාණ රූ ප්‍රක්ෂේපනය මගින් මිනිස් සිරුරේ අවයව අධ්‍යනය කරන ක්‍රමය වෙද්‍ය සිසුන්ගේ අධ්‍යන කටයුතු පහසු කරනු ඇති බව හදුනාගෙන තිබෙනවා.
නමුත් තවමත් අධි වියදම් තාක්ෂණයක් වන මෙය ප්‍රයෝගිකව භාවිතා කිරීමේ අපහසුවක් ඇති බව ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.
ප්‍රොජේක්ටර් 3 ක් මගින නිමවන ත්‍රිමාණ රුවේ දැනට නිමවා ඇති ත්‍රිමාණ සජිවකරන රූ සටහන් වලට පවුම් 10 000 කට ආසන්න මුදලක් වියදම් වී තිබෙනවා. නමුත් සංකීර්ණ මිනිස් අවයව ද්විමාන රු සටහන් වලින් තේරුම් කිරීමට වඩා මෙය ප්‍රයෝගිකව තේරුම් කිරීමට ඉතා පහසු ක්‍රමයක් බව වෙද්‍ය සිසුන් මෙන්ම දේශකයන්ද පිළිගෙන තිබෙනවා. 
Test lecture with skull hologram




Sunday, June 16, 2013

Wi-Fi වලින් ලෝකයටම අන්තර්ජාල පහසුකම් සැපයීමට google ආයතනය සැරසේ


සිතන්න ඔබ අප්‍රිකාවේ ගන වනාන්තරයක හෝ සහරාවේ හෝ කදු මුදුනකට වී සිටිනාවය කියා, ඔබට අන්තර්ජාලයට පිවිසීමට කිසිම අවකාශයක් එවැනි තැනක නැත.නමුත් Google ආයතනය එම අභියෝගය ජය ගැනීමට අපුර්ව උත්සහයක් දරන්නට සුදානම්. ( High altitude balloons ) ඉහල අවකාශයේ රැදවිය හැකි බැලුන  මගින් Wi-Fi  සේවාවක් සැපයීම මෙහි අරමුනයි.

මෙය Project Loon (Loon - පිස්සුව ) ලෙස හදුන්වා දී ඇති අතර මුහුදු මට්ටමේ සිට ආඩි 60 000 ක් ඉහලින් රදවන මෙම බැලූන  මගින් ලෝකයටම අන්තර්ජාල පහසුකම් සැපයීම මෙහි අරමුණ වන අතර මෙය විහිළුවක් ලෙස සැලකීමට සමහරුන් අදහස් කරනවා.  

Google glass , ස්වයාක්‍රීය මෝටර් රථ හදුන්වාදුන් ප්‍රසිද්ධ Google X Lab කණ්ඩායමේ අදහසක් ලෙස මෙය ඉදිරිපත් කර තිබෙනවා. මෙහි පළමු අත්හදබැලීම නවසිලන්ත්යේදී සිදු කිරීමට නියමිතව තිබුනා.
 මෙම බැලූන ස්වභාවික වායු ධාරාවන් බාවිතයෙන් සංචරණය වන අතර එහි උස වෙනස් කිරීම මගින් විවිද දිශාවන්ට ගලන වායු ධාරාවන්ට හසු කර ගමන් මාර්ගය පාලනය කිරීමට සැලසුම් කර තිබෙනවා.






Friday, June 14, 2013

Microsoft Office අවසානයේ iphone ය ටත්


අද සුවිශේෂී දිනයක් වන්නේ ඇපල් iphone යට බාගත කල හැකි  Microsoft Office mobile  app එකක් මයික්‍රොසොෆ්ට් සමගම මගින් නිදහස් කල බැවිනි. දීර්ග කාලයක් සමාගම් 2 අතර පැවති තරගය හා සලක බැලු විට මෙය අස්වැසිල්ලක් වන්නේ පාරිභෝගිකයින්ටය.නමුත් මෙය සිතනා තරම් ලෙහෙසියෙන් භාවිතයට ගැනීමට අපහසු වන්නේ මෙයට Office 365 ගිණුමක් සහ  Microsoft Office Home Premium හෝ Microsoft Pro Plus subscription ග්‍රහකත්වයන් ලබාගෙන තිබිය යුතු බැවිනි.Office 365 ගිණුමකට වසරක අයකිරීම $99.99 වන අතර එයට 20GB  cloud storage  ඉඩක්ද ලැබේ අමතරව මෙය පරිගණක 5ක් තුල බවිත කල හැකිය. මෙම app එක භාවිතයෙන් ඔබේ microsoft sky drive එක තුල ඇති ඕනෑම ලිපිගොනුවක් සංස්කරණය කල හැක. නමුත් තවමත් ipad ය සමග භාවිත කල හැකි මෘදුකාංගයක් නිපදවා නැත. එලෙසම දැනට මෙය භාවිත කල හැක්කේ ඇමෙරිකාව තුල පමණක් පරිබෝගිකයින්ට වන අතර නුදුරු දිනෙක එය සැම රටකම භාවිතයට නිදහස් වනු ඇත.








ජපානය පළමුවරට අන්තර්ජාලය හරහා 4k ( TV ) රුපවාහිනී සේවා සැපයීම අත්හදා බලයි

ජපානය පළමුවරට  අන්තර්ජාලය හරහා 4k ( TV ) රුපවාහිනී සේවා සැපයීම අත්හදා බලයි 




( 4K broadcasts ) යනු HD (high-definition) වීඩියෝවක් මෙන් 4 ගුණයක දත්ත රැගත් 4 ගුණයක් ගුණාත්මක වීඩියෝ සම්ප්‍රේෂණ තාක්ෂණයකි.  

මෙම අත්හදා බැලීම මගින් ජපානයේ ආයතනයක් අන්තර්ජාලය භාවිතයෙන් මෙම රුපවාහිනී සේවාව සැපයිය හැකි බව තහවුරු කර තිබේ. රුප රාමු වල ගුණාත්මක බවට සැලකිය යුතු වෙනසක් සිදු නොකර දත්ත හකුලුවාලියහැකි (data compression ) අල්ගොරිදමයක් (algorithm ) මෙහිදී භාවිතා කර ඇත.

මෙහිදී සෑම රුප රමුවකටම අදාල දත්ත යැවීම වෙනුවට එක් එක් රුප රාමුවේදී (pixel) වල වර්ණ වෙනස් කිරීමට අදාලව ඇල්ගොරිදමයන් සකසා ඇත.

2014 ෆූට්බෝල් ලෝක කුසලානය වන විට 4K සම්ප්‍රේෂණය මගින් අධි ගුණාත්මක රුපවාහිනී වැඩසටහන් ප්‍රේක්ෂකයන්ට ගෙන ඒමට ජපානය බලාපොරොත්තු වේ.

BBC ඇසුරෙන් 


Augmented Reality

අත්ය යතාර්ථ (Augmented Reality)


නූතන තාක්ෂණයේ දියුණුවත් සමගම දිනපතා අප භාවිතා කරන උපකරන වලට නවාංග එක් වෙයි. එලෙසම තරගකාරී වෙලද පොලේ ස්වකීය පැවැත්ම රැක ගැනීමට සමාගම් ගනු ලබන උපක්රරමද තාක්ෂණය හා බද්ධ වී තිබේ. මේ අතර මෝටර් රථ වෙලඳ පොල විශේෂ තැනක් ගනු ලබයි. මෝටර් රථ වලට අලුතින්ම හඳුන්වා දෙනු ලැබ ඇති තාක්ෂණය වන්නේ අත්ය යතාර්ථ (Augmented Reality) තාක්ෂණයයි.පප්රහාරක ගුවන් යානා වල භාවිතා වුනු මෙය නුදුරු අනාගතයේම ඔබේ වාහනෙයෙත් දක්නට ලැබෙනු ඇත.

අත්ය යතාර්ථ තාක්ෂනය යනු සැබෑ ලෝකයේ තිබෙන භෞතික වස්තූන් වලට අදාල තොරතුරු සියල්ලම අපට සැබවින් පෙනෙන දේ සහ විමර්ශනාත්මකව ලබා ගත් තොරතුරු සියල්ලම මගීන්ට ඇවසි අයුරින් පෙනෙන්නට සැලැස්වීමයි.





මෝටර් රථ නිශ්පාදකයින් මෙහිදී සිදු කරනු ලබන්නේ මොටර් රථයේ ඉදිරිපස වීදුරුව විශාල පරිගනක තිරයක් මෙන් සකසා සැබෑ වටපිටාව දර්ශනය වන අතරම රියදුරාට වැදගත් වන මාර්ග සිතියම් දැක්වීම හෝ සමාජ ජාල වෙබ් අඩවි වලින් ලැබෙන යාවත්කාලීන තොරතුරු (Updates) හෝ වෙනත් අත්යවශ්ය තොරතුරු දැක්වීමට සැලැස්වීමයි.

පසුගිය වසර කිහිපය තුල BMW, TOYOTA,MERCEDES BENS සහ GENERAL MOTORS යන මෝටර් ර්ථ නිශ්පාදකයින් අපූරු සංකල්ප රැගත් මෝටර් රථ නිපදවා ඇත. මර්සිඩීස් සමාගමේ සංකල්පයක් අනුව නිපදවා ඇති මෝටර් රථයක ගමන් ගන්නා ඔබට ඔබ පසුකර යන ස්ථාන වලට අදාල තොරතුරු බලාගත හැක. උදාහරණයක් ලෙස ඔබ සිනමා ශාලාවක් පසු කර යන්නේ නම් එහි තිරගත වන චිත්රපටය කුමක්ද? දර්ශන වාර මොනවාද? ඔබට වෙන් කරවා ගත හැකි අසුන් කවරේද යන්න දර්ශනය වනු ඇත. එලෙසම ඔබේ මිතුරෙකු වෙනත් මෝටර් රථයකින් ඔබව පසුකර යන්නේ නම් ඔහුව ඔබට ඔබේ වාහනයේ තිරය මත සටහන් කර පෙන්වනු ලබයි.

ජෙනරල් මෝටර්ස් සමාගමෙ සංකල්පය වැඩිදියුනු කල දෘශය පද්ධතිය (Enhanced Visionary System) ලෙස හදුන්වා දී ඇත. එහිදී මොටර් රථය තුල මෙන්ම පිටත සංවෙදක ගනනාවක් සවි කර ඇත. එමගින් ලබාගන්නා දත්ත පරිගණකයක් මගින් විශ්ලේෂණය කරනු ලබයි. එසේ විශ්ලේෂනය කර ලබාගන්නා තොරතුරු රියදුරාට ඉදිරිපස වීදුරුවේ දර්ශනය වීමට සලස්වයි. එමගින් මෝටර් රථය අනතුරකට භාජනය විය හැකි කරුණු පිලිබඳ රියදුරා දැනුවත් කරනු ලබයි. මගදෙපස ගමන් ගන්නා පදිකයින් සහ සතුන්, මීදුමින් වැසී ඇති මාර්ගයක් හරහා ඇති බාධක ඉදිරියෙන් ගමන් ගනනා වාහනයේ වෙගය සහ එයට ඔබේ වාහනයේ සිට ඇති දුර රියදුරාට පහසුවෙන් දැකගත හැකි අයුරින් සකසා ඇත.

ටොයෝටා සමාගම මගින් එලිදක්වා ඇති මෝටර් රථ වලද අපුර්ව අංග ගණනාවක් ඇතුලත්ව ඇත.

එය Enhanced Car Window ලෙස හදුන්වා දී ඇත. එමගින් මෝටර් රථයේ මගීන්ට මග දෙපස වැදගත් ස්ථාන විශාලනය කර ඒවායේ සංකයත්මක තොරතුරු සහිතව දැකබලාගත හැකි අයුරින් සකසා ඇත.



මෝටර් රථ සමාගම් වලට වඩා සුවිශේෂී සංකල්පයක් University of Keio කෙයෝ විශ්ව විශ්ව විද්යාලයෙඉ පර්යේෂකයින් ඉදිරිපත් කර තිබේ. මෙහිදී මෝටර් රථයේ පසුපස අසුන් විනිවිද දැකිය හැකි අයුරින් සකස තිබේ. එමගින් රියදුරාට වාහනය පසුපසට ධාවනය කරන අවස්ථාවක අවට පරිසරය කිසිදු බාධාවකින් තොරව දැක ගත හැකි වේ. ඇත්තටම මෙහිදී සිදුවන්නේ වාහනයේ පසුපස සවි කර ඇති කැමරාවකින් ලබා ගන්නා දර්ශන ප්රක්ෂේපන යන්ත්රයක් අධාරයෙන් රියදුරාට දර්ශනය විමට සැලැස්වීමයි. රියදුරා වාහනය පසුපසට ධාවනය කිරීමට පෙර පසුපස වීදුරුව දෙස උරහිසට ඉහලින් පසුපස බලන විට පිටුපස වීදුරුව මත අත්ය යථාර්ථ තාක්ෂණය මගින් සැකසු දර්ශන බලාගත හැකි අතර ආරක්ෂාකාරීව වාහනය පසුපසට ධාවනය කල හැක. පර්යේෂණ මට්ටමේ පවත්නා මෙම සංකල්ප වාණිජ මෝටර් රථ වලට ඇතුලත් විමට තවත් වසර ගණනාවක් ගතවිය හැක.

රුසියාවෙන් පොරොන්දුවක් 2018 දී මිනිසුන් සහිත යානාවක් තම භුමියෙන් අජටාකාශයට

රුසියාවෙන් පොරොන්දුවක් 2018 දී මිනිසුන් සහිත යානාවක් තම භුමියෙන් අජටාකාශයට



සොයූස් ගවේෂණ යානාව 

අභ්‍යවකාශ තරණයේ දැවැන්තයෙකු වන රුසියාව ආරම්භයේ සිටම කසකස්තානය යානා දියත් කරන මධ්‍යස්ථානය ලෙස තෝරා ගෙන තිබුණි. නමුත් තව වසර 5ක් තුල තම භූමියෙන් නික්මුම් මධ්‍යස්ථානයක් නිමවිමට රුසියානු බලධාරීන් තීරණය කර තිබෙනවා. නමුත් විශේෂඥයන් සැකකරන්නේ එවැනි ස්ථානයක් සොයාගැනීමට හැකිවේද යන්නයි.

මෑතකදී රුසියන් ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් ඩොලර් මිලියන 51.8ක මුදලක් වෙන් කර 2020 වන විට රුසියාව නැවතත් අභ්‍යවකාශ තරණයේ පුරෝගාමියෙක් කිරීමට පොරොන්දුවී තිබෙනවා.

බ්යිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය (කසකස්තානය) රුසියානු මිනිසුන් සහිත අභ්‍යවකාශ වැඩසටහනේ පුරෝගාමී මෙහෙයක් ඉටු කල අතර සෝවියට් දේශය 1991 බිද වැටීමත් සමග මෙම මෙහෙයුම් වලට බාදා පැමිණියේ කසකස්ථානය ස්වාධින රටක් වීම නිසාය.

ස්පුට්නික් 1 පළමු කෘතීම චන්ද්‍රිකාව සහ යුරි ගගාරින් පළමු අජටාකාෂගාම්යද ගමනාරම්භ කලේ මෙම ස්ථානයෙනි.