Friday, June 14, 2013

Augmented Reality

අත්ය යතාර්ථ (Augmented Reality)


නූතන තාක්ෂණයේ දියුණුවත් සමගම දිනපතා අප භාවිතා කරන උපකරන වලට නවාංග එක් වෙයි. එලෙසම තරගකාරී වෙලද පොලේ ස්වකීය පැවැත්ම රැක ගැනීමට සමාගම් ගනු ලබන උපක්රරමද තාක්ෂණය හා බද්ධ වී තිබේ. මේ අතර මෝටර් රථ වෙලඳ පොල විශේෂ තැනක් ගනු ලබයි. මෝටර් රථ වලට අලුතින්ම හඳුන්වා දෙනු ලැබ ඇති තාක්ෂණය වන්නේ අත්ය යතාර්ථ (Augmented Reality) තාක්ෂණයයි.පප්රහාරක ගුවන් යානා වල භාවිතා වුනු මෙය නුදුරු අනාගතයේම ඔබේ වාහනෙයෙත් දක්නට ලැබෙනු ඇත.

අත්ය යතාර්ථ තාක්ෂනය යනු සැබෑ ලෝකයේ තිබෙන භෞතික වස්තූන් වලට අදාල තොරතුරු සියල්ලම අපට සැබවින් පෙනෙන දේ සහ විමර්ශනාත්මකව ලබා ගත් තොරතුරු සියල්ලම මගීන්ට ඇවසි අයුරින් පෙනෙන්නට සැලැස්වීමයි.





මෝටර් රථ නිශ්පාදකයින් මෙහිදී සිදු කරනු ලබන්නේ මොටර් රථයේ ඉදිරිපස වීදුරුව විශාල පරිගනක තිරයක් මෙන් සකසා සැබෑ වටපිටාව දර්ශනය වන අතරම රියදුරාට වැදගත් වන මාර්ග සිතියම් දැක්වීම හෝ සමාජ ජාල වෙබ් අඩවි වලින් ලැබෙන යාවත්කාලීන තොරතුරු (Updates) හෝ වෙනත් අත්යවශ්ය තොරතුරු දැක්වීමට සැලැස්වීමයි.

පසුගිය වසර කිහිපය තුල BMW, TOYOTA,MERCEDES BENS සහ GENERAL MOTORS යන මෝටර් ර්ථ නිශ්පාදකයින් අපූරු සංකල්ප රැගත් මෝටර් රථ නිපදවා ඇත. මර්සිඩීස් සමාගමේ සංකල්පයක් අනුව නිපදවා ඇති මෝටර් රථයක ගමන් ගන්නා ඔබට ඔබ පසුකර යන ස්ථාන වලට අදාල තොරතුරු බලාගත හැක. උදාහරණයක් ලෙස ඔබ සිනමා ශාලාවක් පසු කර යන්නේ නම් එහි තිරගත වන චිත්රපටය කුමක්ද? දර්ශන වාර මොනවාද? ඔබට වෙන් කරවා ගත හැකි අසුන් කවරේද යන්න දර්ශනය වනු ඇත. එලෙසම ඔබේ මිතුරෙකු වෙනත් මෝටර් රථයකින් ඔබව පසුකර යන්නේ නම් ඔහුව ඔබට ඔබේ වාහනයේ තිරය මත සටහන් කර පෙන්වනු ලබයි.

ජෙනරල් මෝටර්ස් සමාගමෙ සංකල්පය වැඩිදියුනු කල දෘශය පද්ධතිය (Enhanced Visionary System) ලෙස හදුන්වා දී ඇත. එහිදී මොටර් රථය තුල මෙන්ම පිටත සංවෙදක ගනනාවක් සවි කර ඇත. එමගින් ලබාගන්නා දත්ත පරිගණකයක් මගින් විශ්ලේෂණය කරනු ලබයි. එසේ විශ්ලේෂනය කර ලබාගන්නා තොරතුරු රියදුරාට ඉදිරිපස වීදුරුවේ දර්ශනය වීමට සලස්වයි. එමගින් මෝටර් රථය අනතුරකට භාජනය විය හැකි කරුණු පිලිබඳ රියදුරා දැනුවත් කරනු ලබයි. මගදෙපස ගමන් ගන්නා පදිකයින් සහ සතුන්, මීදුමින් වැසී ඇති මාර්ගයක් හරහා ඇති බාධක ඉදිරියෙන් ගමන් ගනනා වාහනයේ වෙගය සහ එයට ඔබේ වාහනයේ සිට ඇති දුර රියදුරාට පහසුවෙන් දැකගත හැකි අයුරින් සකසා ඇත.

ටොයෝටා සමාගම මගින් එලිදක්වා ඇති මෝටර් රථ වලද අපුර්ව අංග ගණනාවක් ඇතුලත්ව ඇත.

එය Enhanced Car Window ලෙස හදුන්වා දී ඇත. එමගින් මෝටර් රථයේ මගීන්ට මග දෙපස වැදගත් ස්ථාන විශාලනය කර ඒවායේ සංකයත්මක තොරතුරු සහිතව දැකබලාගත හැකි අයුරින් සකසා ඇත.



මෝටර් රථ සමාගම් වලට වඩා සුවිශේෂී සංකල්පයක් University of Keio කෙයෝ විශ්ව විශ්ව විද්යාලයෙඉ පර්යේෂකයින් ඉදිරිපත් කර තිබේ. මෙහිදී මෝටර් රථයේ පසුපස අසුන් විනිවිද දැකිය හැකි අයුරින් සකස තිබේ. එමගින් රියදුරාට වාහනය පසුපසට ධාවනය කරන අවස්ථාවක අවට පරිසරය කිසිදු බාධාවකින් තොරව දැක ගත හැකි වේ. ඇත්තටම මෙහිදී සිදුවන්නේ වාහනයේ පසුපස සවි කර ඇති කැමරාවකින් ලබා ගන්නා දර්ශන ප්රක්ෂේපන යන්ත්රයක් අධාරයෙන් රියදුරාට දර්ශනය විමට සැලැස්වීමයි. රියදුරා වාහනය පසුපසට ධාවනය කිරීමට පෙර පසුපස වීදුරුව දෙස උරහිසට ඉහලින් පසුපස බලන විට පිටුපස වීදුරුව මත අත්ය යථාර්ථ තාක්ෂණය මගින් සැකසු දර්ශන බලාගත හැකි අතර ආරක්ෂාකාරීව වාහනය පසුපසට ධාවනය කල හැක. පර්යේෂණ මට්ටමේ පවත්නා මෙම සංකල්ප වාණිජ මෝටර් රථ වලට ඇතුලත් විමට තවත් වසර ගණනාවක් ගතවිය හැක.

No comments:

Post a Comment